Thought of the day 4

27
Mar

ගරු ස්වාමීන්වහන්සේගෙන්ද, ගුරුමෑණිවරුන්ගෙන්ද, ඔබ සැමගෙන්ද අවසරයි. අද දවසේ සිතුවිල්ල අන් අයට උදව් උපකාර කිරීම ගැනැයි. අපි හැමවිටම කාටහෝ උදව්වක් අපිට පුලුවන් විදියට කරන්න ඕනේ. පාසලේදි අපගේ යහළුවන්ටද, නිවසේදි දෙමාපියන්ට සහ සහෝදර සහෝදරියන්ටද උදව් උපකාර කරන්න ඕනේ. මිනිසුන්ට වගේම අසරණ සත්තුන්ටද උදව් කරන්න ඕනේ අපට පුලුවන් විදියට.
බුදුරජාණන් වහන්සේද අසරණ අයට උදව් උපකාර කිර්‍රිම ගැන දේශනා කරලා තියෙනවා. ඒවගේම උන්වහන්සේ සුනීත, සෝපාක වැනි අසරණයන්ට කරුණාවෙන් උදව් කරලා තියෙනවා. එමනිසා අපි කාටහෝ උදව්වක් අවශ්‍ය වුනහම අපට පුලුවන් ආකරයෙන් පුංචි හෝ උදව්වක් කරමු.
ඔබ සැමට තෙරුවණ් සරණයි!!!

රයිනි රණතුංග

Leave a Comment